සිඟිත්තියගේ ජීවිතය බේරාගත් පියා සදහටම දෑස් පියාගනී!

මඩවල, තුන්මෝදර දී දුම්රිය මාර්ගයක යමින් සිටි පිරිසක් අතරින් දෙදරු පියෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (23) පරවාහැර, වේලුවනාරාම විහාරස්ථානයේ ඉදිකර ඇති වෙසක් තොරණක් බැලීමට ගොස් දුම්රිය මාර්ගය ඔස්සේ එමින් සිටිය දී ඔවුන් එම අනතුරට ලක්ව ඇත.

අනතුරින් තුන් හැවිරිදි දැරියක් ඇතුළු 11 දෙනෙක් දිවි බේරාගෙන ඇති අතර, කුඩා දියණියව වඩාගෙන සිටි පියා අවාසනාවන්ත ලෙස දුම්රියේ ගැටී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, නාඔටුන්න, අලවත්තේ පදිංචිව සිටි දිමුත් මංජුල නැමති දෙදෙරු පියෙකි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ගැබිණියක් බව ද වාර්තා වේ.

තුන්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී තිබිය දී එක්වරම මාතර සිට බෙලිඅත්ත බලා ධාවනය වන සාගරිකා දුම්රිය පැමිණ තිබෙන අතර ප්‍රධාන ලාම්පූ ආලෝකයත් සමගම පිරිස මහ හඬින් කෑ ගසමින් රේල් පාරෙන් ඉවතට පැන තිබේ.

අනතුරින් තුන් හැවිරිදි කුඩා දැරියට සීරීම් තුවාලයක් හෝ සිදුනොවී තිබුණු බව ද වාර්තා වෙයි.

ගන්දර පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.