සිංහල අවුරුද්දෙන් පස්සේ අලුත් ගෙදරට යනවා – ඉන්න ගෙදරින් යන්න වුණු මෛත්‍රී දැන් කියන කතාව!

රජයෙන් ලබාදුන් නව නිවසේ පදිංචියට සිංහල අවුරුද්දෙන් පසුව යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පවසා තිබේ.

හිටපු ජනාධිපතිවරයෙක් ලෙස තමන්ට ලැබුණු නිවසෙන් සති 4ක් තුළ ඉවත්වන ලෙස අධිකරණයෙන් ලැබුණු නියෝගයට හිස නමා එම නිවසෙන් ඉවත්ව යන බවත් අදාළ නිවස අයිති කර ගැනීමට තමන් උත්සහ කළේ යැයි ඇති ප්‍රචාර අසත්‍ය බවත් හිටපු ජනාධිපතිවරයා පවසයි.

අදාළ නිවස පිළිබඳව ලැබුණු අධිකරණ නියෝගය ඇතැමුන් තමන්ට මඩ ගැසීමට යොදාගෙන ඇති බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම නිවස රුපියල් කෝටි 800 ක් වටිනා සුඛෝපභෝගි නිවසක් නොවන බව ද සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.