ස්පාඤ්ඤය 40 වසකට පසු ඉහළම උද්ධමනය අභියස!

ස්පාඤ්ඤයේ ජාතික සංඛ්‍යාලේඛන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද මූලික දත්තවලට අනුව, පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී ස්පාඤ්ඤයේ උද්ධමනය 9.8%කින් ඉහළ ගොස් තිබේ.

පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාම 1985 මැයි මාසයෙන් පසු ඉහළම අගය වන අතර, මෙම මාසය සඳහා වන  තාවකාලික අගයන් පෙබරවාරි මාසයේ දැක්වුණු අනුපාතයට වඩා ප්‍රතිශත අගයන් දෙකකට වඩා වැඩි බව සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි. එමෙන්ම, විදුලිය, ඉන්ධන, ආහාර සහ මධ්‍යසාර පාන වර්ගවල මිල ඉහළ යෑම උද්ධමනය වැඩිවීමට බලපා ඇති බවද කාර්යාලය පවසයි.

“යුක්රේනයේ යුද්ධයෙන් උග්‍ර වී ඇති බලශක්ති සහ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් උද්ධමනයේ පැහැදිලි වර්ධනයක් සඳහා හේතු වී තිබෙනවා” අගමැති පෙද්රෝ සැන්චෙස් පාර්ලිමේන්තුවට පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *