සජබ අද නුවරින් පා ගමන් අරඹයි!

සමගි ජන බලවේගය පවත්වන ‘සමගි බල පා ගමන’ අද (අප්‍රේල් 26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිත ය.

මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසලින් ආරම්භ වන මෙම විරෝධතා පා ගමන කොළඹ දක්වා ගමන් කිරීමට නියමිත ය.

වත්මන් රජයේ අක්‍රමවත් පාලනය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ නැංවීම, පොහොර සම්බන්ධයෙන් පවතින ගැටලු, මානව හිමිකම් උල්ලංඝණය කිරීම, නීතියේ උත්තරීතරභාවය අහිමි කිරීම, සිවිල් අයිතිවාසිකම් කඩ කිරීම හා රට අරාජික හා අනාථ තත්ත්වයට පත් කිරීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.