සඟවාගෙන සිටි දැවැන්ත රහසක් මහ බැංකු අධිපති හෙළිකරයි!

දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබාදෙන ලෙස මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කරයි.

අද (24) පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසීය.

වත්මන් අසීරු ආර්ථික තත්ත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙසත් ඔහු එහිදී ඉල්ලා තිබේ.

පසුගිය කාලය තුළ අයවැය පිළියෙල කිරීමේදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම සැබෑ තත්ත්වයට එහා ගිය යථාර්ථවාදී නොවන ආදායමක් ලෙස ඉදිරිපත්  කිරීම නිසා පාර්ලිමේන්තුව ද නොමග යාම සිදුවූ බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. 

මේ නිසා මෙම ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම මත පදනම්ව අමාත්‍යාංශ ඇතුළු වියදම් සඳහා ඉහළ මුදලක් වෙන් කිරීමත්, අවසානයේ එම වියදම පියවා ගත නොහැකිව ඉහළ අයවැය පරතරයක් ඇතිවීමත් ණය උගුලක හිරවීමටත් මෙම තත්ත්වය හේතු වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. 

මීට අමතරව ආදායම් බදු නිසි ලෙස අයකරගැනීම සඳහා යාන්ත්‍රණයක් ඇති කිරීම, මැණික් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්තයන්ට අදාළව අපනයනයේදී සහ ආනයනයේදී සිදුවන අක්‍රමිකතා වළක්වා, නිසි ආදායම් රටට හිමිකර දීම ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

තවද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මීට පෙර අවසර දෙන ලද මුදලට වඩා වැඩිපුර රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අද පැවති මුදල් කාරක සභාවේදී එකඟත්වය හිමිවී ඇත.

Leave a Reply

Your email address will not be published.