ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජවිපේ ශාඛාවක්ද? මේ විදියට ගහන්න කියන උන් නීතීඥයෝද?

ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයකු වන ශම්මික වික්‍රමසිංහ නැමැත්තා සිය නීතීඥ වෘත්තිය ගණිකා සේවයේ යොදවමින් සමස්ත නීතීඥ ප්‍රජාවටම නින්දා සහගත වන පරිදි අන්තවාදී දේශපාලන පක්ශවල මතවාදය ප්‍රචාරනය කරන අකාරය දකින්නට ලැබෙනවා.

විටෙක ජවිපේ දේශපාලන වේදිකාවට නැග බයිලා කියන ඔහු තවත් වරෙක ජෙප්පන් සමග දේශපාලනයේ යෙදෙමින් හා අන්තවාදී හා වෛරී ප්‍රකාශ කරමින් විරුද්ධ දේශපාලන මත දරන්නන්ට පහර දෙන ලෙස ප්‍රකාශ කරන්නේ නීතීඥයකු ලෙසද නැතිනම් ජවිපේ සහෝදරයකු ලෙසද යන්න ජනතාව වටහාගත යුතුමය.

අපට අසන්නට ඇත්තේ රට හදන්නට දිවා රෑ වෙහෙස වනවා යැයි කතා කියන ජවිපේ මේ රටේ බලය ගතහොත් ඔවුනට විරුද්ධව මත දරන උන්ට සලකන්නට සිතා සිටින්නේ මේ අකාරයට පහරදීමෙන්ද යන්නයි.

තමන්ට විරුද්ධව මත දරන්නන්ට ප්‍රහාර එල්ල කරන ලෙස දැම්ම තියා තර්ජන හා වෛරී ප්‍රකාශ කරන මේ කල්ලිය බලය නැතිව මෙසේ හැසිරෙනවානම් වැරදිලාවත් බලය ගත් දාක මේ රටේ ඔවුන්ගේ මතය විවේචනය කරන්නන්ට අත්වන ඉරණම එදා බස් හා ගෙවල් ගිනි තැබූ අකාරයටම විසදෙන බවනම් සහතිකය.

එබැවින් එවන් අදුරු අනාගතයකට ඉඩ නොතබා මෙවන් මුග්ධයින්ගේ පැටිකිරිය දැන්ම තියා තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කිරීම බුද්ධිමත් ජනතාවගේ ජාතික මෙහෙවරක් වනු නිසැකය.

Leave a Reply

Your email address will not be published.