ශ්‍රී ලංකා ක්‍රිකට් එකට උණ ගැනෙන්න භානුක IPL එකේ ගැහුව ගැහිල්ල!

ශාරීරික යෝග්‍යතාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කෙරුණු  භානුක රාජපක්ෂ ඊයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ලකුණු 205ක අසීරු ඉලක්කයක් හඹා ගිය පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් පන්දු 22කදී ලකුණු 43ක් රැස් කරමිනි.

එම තරගයේදී පන්ජාබ් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 208ක් රැස් කරමින් ජය හිමි කර ගත් අතර භානුක රාජපක්ෂට විශේෂ තිලිණයක් පිරිනැමිණි.

ඒ, තරගයේ වටිනා ම ක්‍රීඩකයා (Most valuable asset of the match) බවට පත් වෙමිනි.

ඒ සඳහා ඔහුට පිරිනැමුණු ත්‍යාග මුදල ඉන්දීය රුපියල් 100,000කි.

මෙහි තව ත් විශේෂත්වයක් වූයේ, භානුකගේ පිතිහරඹය අගයමින් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නිල ෆේස්බුක් පිටුවෙහි පළ කළ ඡායාරූපයේ කැප්ෂන් එක ‘Niyamai Bhanuka’ යනුවෙන් සිංහල අරුතකින් ම පළ කර තිබීම ය.

Leave a Reply

Your email address will not be published.