ශ්‍රී ලංකාව තීරණාත්මක තැනක!
ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බව යුරෝපා සංගමය පවසනවා. එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳ බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි යුරෝපා සංගමය පවසන්නේ.
ඒ, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ බ්‍රිතාන්‍යය යන රටවල් ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කරමින්. එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද රුපියල් 321 යි ශත 49 ක් ලෙස ප්‍රකාශයට පත් කළා. ඩොලරයේ ගැනුම් මිල රුපියල් 310 යි ශත 88 ක්.