වෙල්ලස්සේ කොල්ලෙක්ගෙන් රටක් වටින වැඩක්! [PHOTOS]

ගෙවත්තක වගා කළහැකි විවිධ වර්ගයේ බීජ අඩංගු කට්ටල 6000ක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයන් සඳහා නොමිලේ ලබාදීමට තරුණයෙක්  ඉදිරිපත්වී තිබෙනවා.

වෙල්ලස්සේ කොල්ලෙක් නමින් මුහුණු පොතේ ජනප්‍රිය තරුණක් වන එන්.ජී.එරංග සඳරුවන් පවසන්නේ දේශීය බීජ වර්ග සිය ගණනක එකතුවක්ද ඇති ඔහු සැම වසරකම මෙසේ බීජ කට්ටල දහස් ගණනක් නොමිලේ බෙදා හරිනු ලබන බවයි.

ඔහු නොමිලේ ලබාදෙනු ලබන මෙම බීජ කට්ටලය සඳහා පාරම්පරික බඩඉරිගු වර්ග තුනක්, ඇත්දළ ඛණ්ඩක්කා, දේශීය ලබු වර්ග 2ක්, තණ හාල්, බූ මෑ, අවර, වඳුරු මෑ, අලංගා ඇතුළු බීජ වර්ග 16ක් ඇතුළත්ය. 

එන්.ජී. එරංග සඳරුවන් පවසා සිටියේ 

“දැන් වෙළෙඳපොළෙන් එළවළු මිලදී ගැනීම හීනයක්. මිල ගිනි ගණන් එවැනි අවස්ථාවක පවුල් දහස් ගණනක් වෙනුවෙන් පුංචිම සහනයක් දීමටයි. මම බේ බීජ කට්ටල නොමිලේ බෙදා දෙන්නේ”

“සියලු දෙනාට ඉතා දුෂ්කර කාලයක්. ජනතාව තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල ඉන්නවා. ඉදිරියේදී හාල් පෝලිම්වලත් ඉන්න වෙයි. ඒ නිසා හැමෝටම ගෙවත්තක වගා කරන්න පුළුවන් බීජ වර්ග කිහිපයක් බෙදා දෙන්න හිතුවා. පසුගිය දිනවල බීජ කට්ටල දහසක් මම තැපැල් කරලා යැව්වා. මට පුළුවන් විධිහට විවිධ වර්ග 16ක් අඩංගු බීජ කට්ටල යවන්න උත්සාහ කළා.” බවයි 

Leave a Reply

Your email address will not be published.