විපක්ෂයෙන් අසුන් ගත්තත් විපක්ෂ නායකගේ කණ්ඩායමට නෑ – මෛත්‍රී

40ක් පැමිණ විපක්ෂයේ වාඩි වුණේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවේ යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අප වැඩ කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය..

“දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්‍රමාණය වැඩිවෙනවා. තරුණයන්ගෙ සටනට අප සුබ පතනවා. ඒ සටන සාධාරණ බව අප කියනවා.

ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවේයි. ඊට සුදුසු වැඩපිළිවෙලකට අප යා යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප විසිවන සංශෝධනය අහෝසි කළ යුතු බවත් සංශෝධන සහිතව දහනවවන සංශෝධනය බලාත්මක කළ යුතු බවත් කියනවා “යනුවෙන් ද මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.