විදුලි කප්පාදුව පැය තුනහමාරකට සීමා වෙයි!
අද(25) සිට දින 3ක් එනම් 27 වනදා දක්වා සියළුම කලාපවලට පැය 3යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබේ.
ඊට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇත.
ඒ අනුව පෙරවරු 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා කාලය තුළ පැය 2ක් සහ පස්වරු 5යි 30 සිට රාත්රි 9යි 30 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 20ක් වශයෙන් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.
ඊට අමතරව කොළඹ නගරය ආශ්රිතව අදාළ දින තුන සඳහා පෙරවරු 6 සිට පස්වරු 9 දක්වා පැය 3ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙයි.