විදුලිය,ඉන්ධන සහ ගෑස් මිල ගැන බැසිල්ගෙන් ප‍්‍රකාශයක්!

විදුලිය,ඉන්ධන සහ ගෑස් මිල මේ මොහොතේ ඉහළ දමන්නේ නැතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (28) රාත‍්‍රී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට දැනුම්දී තිබේ.

විදුලිය ගාස්තු වැඩි කිරීම සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් ගාස්තු සංශෝධනයක් සකස් කර තිබූ අතර ලාෆ් ගෑස් මිල ඉහළ දමා ඇති නිසා ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමිය යුතු යැයි ද යෝජනා වී තිබුණි.

IOC යළිත් පෙට‍්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීම නිසා ඛණිජ තෙල් සංස්ථාවද තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධව අවධානය යොමුකර තිබුණි.

Leave a Reply

Your email address will not be published.