“විදුලිබල මණ්ඩලයේ මාෆියාව” රොෂාන්ගෙන් හෙළිදරව්වක්!

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ආචාර්ය තිරාන් ද සිල්වා පත්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් විදුලි බල මණ්ඩයේ විදුලිය මිලදී ගැනීමේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ඇත්තේ මාෆියාවක් බව ප්‍රකාශ කළේය.

“විදුලිබල මණ්ඩලය සාමාන්‍යයක් විදියටවිදුලි ඒකකයක් රුපියල් 47කට මිලදී ගන්නවා. ඒ මිල සාමාන්‍යයක්. සමහර ඒකක රුපියල් 102 ටත් මිලදී ගන්නවා. සාමාන්‍ය විදියට ගත්තාම රුපියල් 42 යි. තරුණ සේවා සභාවේ වහලේ උඩ සෝලා පැනල් සවි කර විදුලිය දුන්නොත් ඒ සදහා රුපියල් 22 ක් ගෙවනවා. ඉල්ලුම් කළාම මොකද කියන්නේ. තරුණ සේවා සභාවේ එච්චර විදුලිය පාවිච්චි කරන්නේ නැහැ. සම්පූර්ණ වහලය මත සොලා සවිකරන්න දෙන්න බැහැ. 47 ට වඩා 22 විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට ලොකුයි. එයාලාගේ විදියට. ඒක තමා ඇත්ත කතාව. ඒ නිසයි විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් තිබෙනවා කියන්නේ.

රුපියල් 22 ට නෙවේ 18 ට මිලදී ගත්තත් මිනිස්සු තමන්ගේ වහලය මත පුලුවන් විදියට සෝල් පැනල් සවිකරගන්නවා. එතන ට්‍රාන්ස්ෆෝමරයට පවා ගෙවීම් කරන්නේ සෝලා පැනල් සවිකරගන්න මහජනතාවමයි. විදුලිබල මණ්ඩලයෙන් නොවෙයි. මේ දේවල් කරලා ජනතාව අධෛර්යමත් කරනවා.
අපේ රටේ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සූර්ය පැනල් සවි කළා නම් ලොකු ආදායමක් ලැබෙනවා. එහෙම වුණා නම් කරුවලේ ඉන්නේ නැහැ ජනතාවට. ආදායම කෙසේ වුවත් පාඩුව නැතිව යනවා. ඩීසල් ගේන්න ඩොලර් යන්නේ. ඩොලර් යන එක නවත්තගන්න නම් අපිට තිබෙන සූර්ය ශක්තිය, සුළං බලය, ජලය උපයෝගී කර ගත යුතුයි. රටේ විදුලියෙන් භාගයක්ම ලබාදෙන්නේ මහවැලියේ ජල විදුලියෙන්. මම විස්වාස කරනවා සූර්ය බලයෙන්, සුළං බලයෙන් 100% ක් විදුලිය ලබාගැනීමට යම් දවසක හැකි වේවි.”

ඒ ආකාරයට විදුලිබලඩ මණ්ඩලයේ මාෆියාව පැහැදිළි කළ අමාත්‍යවරයා එම අවස්ථාවට එක්ව සිටි පිරිස දිරියේ සිය පෞද්ගලික ජීවිතයේ කරුණු කිහිපයක් ගෙන හැර පාමින් තමා ජපානයේ රැකියාව ආරම්භ කළේ ජෙට් හදන තැනෙක රසායනික දුව්‍ය යොදා ඇණ හෝදන්නෙක් ලෙස යෙන් 500 පඬියකට බවත්,කැපවීමෙන් වැඩ කර සියලු අංශවල වැඩ ඉගෙනගෙන එය යෙන් 1500 දක්වා වැඩි කරගත් බවත් පෙන්වා දුන්නේය.පසුව වාහන උපකරණ විකිණීම ආරම්භ කළ පසු අධයාපන වැඩ කටයුතුත් කරගෙන වසර හයක් පමණ දිනකට පැය තුනක් පමණක් නිදා ගනිමින් සිය ව්‍යාපාරය සාර්ථක කර ගත් බව ද පැවසීය.
රට මට මොනවද කළේ කියා නොවේ මම රටට මොනවාද කරන්නේ කියන හැගීමෙන් වැඩ කරන තරුණ පිරිසක් හදන්න අවශ්‍යය බව පැවසූ අමාත්‍යවරයා අද ගොඩාක් වෙලාවට පුරුදුවෙලා තිබෙන්නේ මට මොනවාද හම්බෙන්නේ කියන ආකල්පය. මෙය වෙනස් නොකර රටක් ජාතියක් ලෙස නැගී සිටින්න බැහැ යනුවෙන්ස පැවසීය.

ලංකාවේ සමෘද්ධිය සහ නිමා නොවන දුප්පත්කම ගැනද මෙහිදි අමාත්‍යවරයා අදහස් දැක්වීය.
“සමෘද්ධිය භාර අමාත්‍යවරයාට ගන්න වෙනවා තීන්දුවක්. පවුල් ලක්ෂ 18 ක් ඉන්නවා සමෘද්ධි ප්‍රතිලාභ ලබන. මේ අය කවදාවත් දියුණු වෙන්නේ නැහැ. දියුණු වුණොත් සමෘද්ධීය කපනවා. එයාලාගේ සුදුසුකම වෙන්නේ දුප්පත්කම. සමෘද්ධි නිළධාරීන්ට වගකීමකුත් නැහැ ඒ අය දියුණු කරන්න. ජපානයේදී දෙන්නේ අවුරුදු 03 යි දියුණු කරන්න. ඒක වගකීමක්. ඒ නිසා අපේ රටේ සෑම නිළධාරී මහතෙකුටම වගකීමක් තිබෙනවා මේ රට දියුණු කරන්න.
එංගතන්තයේ මගේ සහෝදරයාගේ දරුවෝ විශ්ව විද්‍යාලයට යනවා. උසස් පෙළින් පසු ඔනේම දරුවෙක්ට විශ්ව විද්‍යාලයට යන්න පුලුවන්. කොහොමද කරන්නේ. ණය මුදලක් දෙනවා. ණය මුදලෙන් විශ්ව විද්‍යාලයේ ඉගෙනගෙන උපාධිය ලබාගෙන රැකියාවෙන් ණය මුදල ගෙවනවා. අපේ රටේ යම් පිරිසකට විශ්ව විද්‍යාලයේ යන්න සියලුම ජනතාව බදු ගෙවනවා. අවුරුදු 04 වෙනුවට අවුරුදු 10 ක් මහජන මුදල් හා කාලය කා දමමින් විනාශ කරනවා. මේක නෙවේද ඇත්ත.
එක එක දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්වෙලා ඉන්නවා. මේවා වෙනස් වෙන්න ඕනේ.

රටේ කාලය, මහජන මුදල් වැයවෙනවා. අවුරුදු 10ක කාලයක් ඉන්නවා කියන්නේ මහාචාර්යවරුන්ට, සේවකයින්ට, ගොඩනැගිලි නඩත්තුවට මහජන මුදල් වියදම් වෙනවා කියන එක.
මේ ක්‍රමය වෙනුවට උසස් පෙළින් පසු කැමති පාඨමාලාවකට විශ්ව විද්‍යාලයට යන්න බැංකුවෙන් ඉතාම සුලු පොළියකට ණය මුදලක් ලබාදීලා උපාධිය අරගෙන රැකියාවක් කරන ගමන් එය ගෙවිය හැකි ලෙස සකස් කළ යුතුයි. එසේ වුවහොත් තව පිරිසක් ඉගෙන ගන්නවා. මෙන්න මේකයි සිස්ටම් චේන්ජ් කියන්නේ.

අප්‍රිකානු රටවල්වලට මම ගියා. අනාගතය තිබෙන්නේ අප්‍රිකාවේ. මම රහසක් කියලා යන්නම්. මම මොසැම්බික් කියන රටට ගියපුවාම අපේ ප්‍රධාන ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ රටේ මොසැම්බික් ජාතිකයෙක් නැතිව කර්මාන්තයක් ආරම්භ කරන්න පුලුවන්. මේ රටට යන තරුණයෙකුට පැහැදිලි ඉඩක් තිබෙනවා ටේලර් ෂොප් එකක් ආරම්භ කරන්න. රෙස්ටුරන්ට් එකක් ආරම්භ කරන්න. අත් දෙකයි කකුල් දෙකයි අරගෙන ගිහිල්ලා මහ මුහුද මැද අතඇරියාම මම පීනුවා.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකොන් මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන්ද සිල්වා මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන) මනුල චමල් පෙරේරා මහතා, තරුණ පාර්ලිමේන්තුවේ අගමැති යුපුන් රණසිංහ මහතා, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් කවිදු කවීන් මහතා ඇතුලු නිළධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ

Leave a Reply

Your email address will not be published.