වැස්ස තව තවත් වැඩි වෙයි!

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදීත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනගිර, ඌව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම මේ දිනවල සිදුවන අතර අද (9) දහවල් 12.12ට හලාවත, මහකෙලිය, වැලිවිට (මාතලේ දිස්ත්‍රික්කය), මාරස්සනකන්ද, පුල්ලුමලෙයි, කල්කුඩා සහ කුරුක්කල්මඩම් යන ප්‍රදේශයන්ට හිරු මුදුන් වනු ඇත.

Leave a Reply

Your email address will not be published.