වසර 30 කට පසු නික්මයන මැක්ඩොනල්ඩ්ස්!

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් මැක්ඩොනල්ඩ්ස් ඇමරිකානු අවන්හල් ජාලය ස්ථිර ලෙසම රුසියාවෙන් නික්මීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි ක්‍රියාත්මක සිය අවන්හල් අලෙවි කිරීමටයි සමාගම තීරණය කර ඇත්තේ.

මෙහි මුල් පියවරක් ලෙස රුසියාව පුරා විහිදී තිබූ 850 කට ආසන්න මැක්ඩොනල්ඩ්ස් අවන්හල් පසුගිය මාර්තු මාසයේ තාවකාලිකව වසා දමනු ලැබුවා.

මැක්ඩොනල්ඩ්ස් අවන්හලක් ප්‍රථම වරට මොස්කව් නුවර 1990 වසරේ විවෘත කෙරුණේ ඇමරිකාව සහ සෝවියට් දේශය අතර පැවති නිරවි යුද්ධයේ උණුසුම අවසන් කිරීමේ සළකුණක් ලෙසින්.

ආහාර සඳහා ප්‍රවේශය සපයමින් දහස් සංඛ්‍යාත සාමාන්‍ය රුසියානුවන්ට රැකියා ලබාදීම නිවැරදි කරුණක් වුවත්, යුක්රේන යුද්ධය මගින් ඇති කර තිබෙන මානුෂිය අර්බුදය නොසළකා හැරිය නොහැකි බවයි සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් මැක්ඩොනල්ඩ්ස් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස් කෙම්ප්චින්ස්කි ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published.