වසර 30කට පසු එංගලන්තයට පැමිණි දරුණුම අර්බුධය!

වසර 30කට පසුව එක්සත් රාජධානිය මුහුණ දෙන ඉහළම උද්ධමනයට මුහුණ දෙමින් සිටින බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කරනවා.

වැඩිවන බලශක්ති සහ ඉන්ධන පිරිවැය මගින් තල්ලු කරනු ලබන උද්ධමනය රට පුරාම ජීවත් වන පවුල්වලට දැඩි පීඩනයක් එල්ල කරන බවයි එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුල උද්ධමනය 6.2% පමණ වූ අතර මේ වසර තුල එය ඉලක්කම් දෙකක අගයක් දක්වා ඉහළ යනු එංගලන්ත මහ බැංකුව ප්‍රකාශ කර සිටී.

භාන්ඩ මිළ ඉහළ යාමට ප්‍රධාන හේතුව ගෝලීය බලශක්ති මිළ ඉහළ යාම වේ.

වීශේෂයෙන්ම ගෑස් මිළ පසුගිය වසර පුරා තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර යුක්රේන යුද්ධය තතිවය තවත් දරුණු අතට හරවා තිබේ.

වසංගතය හේතුවෙන් ඇතිවූ සැපයුම් ගැටළු මෙන්ම නැව් ගාස්තු ඉහළ යාමද භාණ්ඩ මිළ වැඩිවීම කෙරෙහි සැලකියයුතු බලපෑමකි එල්ල කර ඇත.

ඊට අමතරව එක්සත් රාජධානියේ සේවක හිඟය හේතුවෙන් සමාගම් සහ ආයතන වලට සේවක වැටුප් වැඩිකිරීමට සිදුවීමද ආයතනික පිරිවැය වැඩිවීමට බලපෑම් එල්ල වී ඇත.

ලබන මාසයේ සිට එක්සත් රාජධානියේ අවම වැටුප පැයකට පවුම් 9.50 ක් දක්වි ඉහල දැමීමට නියමිත අතර එය දැනට පවතින උද්ධමනයට වඩා වැඩි අගයක් වේ.

එහෙත් බලශක්ති බිල්පත් වල වැඩිවීම වැටුප් වැඩිවීමට වඩා 14 ගුණයක පමණ වැඩිවීමක් විය හැකියැයි අනාවැකි පලවේ.

ඒ අනුව මේ වසරේදී සාමාන්‍ය කුටුම්භ මූර්ත ආදායම පවුම් 1000 පමණ කඩා වැටෙනු ඇති බවත් 1970 පසුව සිදුවන විශාලතම ආදායම් කඩා වැටීම බවත් බ්‍රිතාන්‍යය මාධ්‍යය වාර්තා කරනු ලබයි.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ චාන්සලර් රිෂි සුනක් සිය රජයේ ‘වසන්ත ප්‍රකශනය’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එමගින් ඉහළ යන ජීවන වියදමට එරෙහිව යම් සහන ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

විශේෂයෙන්ම ඉන්ධන මත අය කෙරෙන බදු කපාහැරීම, ඊට අමතරව ලබන මාසයේ සිට වැඩිවීමට නියමිත සෞඛ්‍ය රක්ෂන බද්ධ නතර කරන ලෙසද රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී.

එංගලන්ත මහ බැංකුවව උද්ධමනය පාලනය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් පසුගිය වසර තුල පමණක් තෙවරක් පොලී මට්ටම වැඩි කිරීමට පියවර ගෙන තිබිනි.

තිලාන් ජයසේකර
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

Leave a Reply

Your email address will not be published.