ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට!
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 115.1ක් සහ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 119.4කට අද (මැයි 29) අලෙවි වී ඇත.
එය මේ මාසයේදී වාර්තා වූ වැඩි ම බොරතෙල් මිල වේ.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල සුළු වශයෙන් පහත බැස ඇත.