ලෝක බැංකුව සහ ADB සාකච්ඡාවෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රගතිය! (VIDEO)

බැංකුවල පවතින ඩොලර් හිඟය හේතුවෙන් විකල්ප මාර්ග මගින් මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (මැයි 15) ප්‍රකාශයක් කරමිනි.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අද සාකච්ඡා පැවැත් වූ බව ත් එහිදී ඔවුන් සෞඛ්‍ය, ආහාර සහ පොහොර සඳහා තවදුරට ත් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ බව ත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ආධාර ප්‍රමාණය වැඩිවෙයි. ආර්ථික අංශයට ත් ඒ වගේ ම ආධාර දෙන්න යනවා. මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු රටවල් සියල්ල ම දැන් පියවර ගෙන යනවා ලංකාවට ආධාර උපකාර කරන්න.”

ඔහු පෙන්වා දුන්නේ, මෙරට මේ වන විට උද්ගතව ඇති ගැටලුව බලශක්ති ක්ෂේත්‍රයට එළඹෙන සතිය සඳහා ඉන්ධන ලබා ගැනීම බව ය.

රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද සමාලෝචන සියල්ල අවසන් කර ඇති බව ත් ඒ පිළිබඳව අද (මැයි 16) ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මේ අතර, ඔහු සඳහන් කළේ අද (මැයි 16) දිනයේදී 21 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව ත් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ කෙටුම්පත සකස් කිරීමට පියවර ගන්නා බව ත් ය.

එම ප්‍රකාශය මෙතැනින් බලන්න…

Leave a Reply

Your email address will not be published.