“ලීටර් 59,000ක් එක්ක 137ක්” රට වටෙන්ම අහුවුණු තෙල් හොරු!

ඉන්ධන විවිධ ආකාරයෙන් රැස්කරමින් වැඩි මිලට අලෙවි කිරීම ආදී ජාවාරම් සිදු කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 429 ක් පසුගිය කාලය තුල සිදු කර ඇති අතර, එහි දී සැකකරුවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

මෙම වැටලීම් මඟින් සඟවා තබා සොයා ගන්නා ලද පෙට්‍රල් ලීටර් 27,000 කට ආසන්න ප්‍රමාණයක්, ඩීසල් ලීටර් 22,000 කට ආසන්න ප්‍රමාණයක් හා භූමිතෙල් ලීටර් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පවසයි.

මෙවැනි වංචනික ආකාරයෙන් ඉන්ධන රැස් කර ගනිමින් වැඩි මිලට අලෙවි කරමින් ජාවාරම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු තිබේ නම් 118, 119 හා 1997කෙටි දුරකථන අංක මඟින් මහජනතාවට තොරතුරු ලබා දිය හැක.

ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කරන අතර, මෙසේ නීති විරෝධීව ඉන්ධන රැස්කිරීම, නිවෙස් වල ගබඩා කිරීම අනතුරුදායක වන අතර එසේම ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමෙන්, ගබඩා කිරීමෙන් වලකින ලෙස පොලිසිය සියළු මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published.