“ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ ලේෆ්ට්” මේ පාර රත්තරන් බුදු පිලිමෙන් වැඩ අරඹයි!

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා අද දින වංචා දුෂණ සම්බන්දයෙන් ලිපිගොනු තොගයක් කොළඹ පදනම් ආයතනය වෙත ගෙනවිත් මාධ්‍ය සං දර්ශනයක් පවත්වන අයුරු දකින්නට ලැබුනා.

වංචාව දුෂණය ගැන රසවත් කතාන්දර කියන ජවිපෙ මෙවරත් සිය දේශපාලන කැම්පේන් එක ඒ හරහා කරගෙන යන්නේ රටේ වර්තමාන ආර්ථික අර්බුධයට හේතුව එම වංචා දුෂණ බවට ජන මතය සකසමින් දේශපාලන වාසි ලබා ගැනීම බව බොහෝ දෙනාට නොතේරෙන යථාර්තයක්.

2015 යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමටද ජවිපෙ මෙම කතාන්දරයම වෙනත් පිටපතකින් ගෙන ආ හැටි අතීතය අමතක වන රෝගය හැදුනේ නැති හැමෝටම හොඳට මතකයේ ඇති. එදා ලම්බෝගිනි කාර් රත්තරන් අස්සයෝ ගැන කී පිරිසම දැන් රත්තරන් බුදු පිළිම ගැන හිතළු කියමින් ජනතාව රවට්ටමින් ඇත.

අද දිනයේ හෙළි කරනු ලැබූ ෆයිල් සියල්ලම පාහේ 2015ට පෙර ඒවා වීම දෛවෝපගත කාරණයක් වන අතර 2015දී ආණ්ඩුවක් පිහිටුවා එහි දුෂණ විරෝධී කමිටුවක සිට හොරු අල්ලන්න අරලිය ගහ මන්දිරයේ පදිංචි වී සිටි අනුර කුමාර දිසානායකට එදා අමතකව ගිය වංචා දුෂණ ෆයිල් යලි මතක්වීම හාස්‍යජනක සිදුවීමකි.

කෙසේ වෙතත් අවසානයේ කියන්නට ඇත්තේ 2015දී රාජපක්ෂ රජයට එරෙහිව ක්‍රියාත්මක වූ විපක්ෂ බලවේග, දෙමල ඩයස්පෝරාව, මුස්ලිම් අන්තවාදීන් ඇතුළුව ජාත්‍යන්තර බලවේග මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් යලි ක්‍රියාත්මක වෙමින් එදා සිදුවූ ව්‍යසනයම වෙනත් පිටපතකින් යලි රඟ දක්වමින් ඇති බවකි, ජවිපෙ අද ෆයිල් ගොඩක් පෙන්නමින් සිදු කලේ ඒ නාටකයේ එක ජවනිකාවක් වන අතර තවත් හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදී පැමිණෙනු ඇත.

Leave a Reply

Your email address will not be published.