ලක්ෂ 20 හිඟ විදුලි බිල ගැන PUCSL සභාපති ඇත්ත කියයි!

ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපති ජනක රත්නායකට අයත් Trillium Property Managment and Service (Ltd) නමැති හෝටලයේ රුපියල් විසිඑක් ලක්‍ෂ හැටදහස් අටසිය විසිහතයි ශත හැත්තෑ එකක (21,60,827.71) හිඟ විදුලි බිල් ගෙවා නැතැයි ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටිනවා.

සභාපතිවරයාට අයත් මෙම ආයතනය හෝටලයක් වන අතර එය 210, ටොරින්ටන් කොළඹ 07 ප‍්‍රදේශයේ පිහිටා ඇත.

මෙම හිඟ බිල්පත නොගෙවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ගෙන් සිදුකළ විමසීමේදී ඔහු කියා සිටියේ හෝටල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට ලබාදී තිබෙන සහන කාලය (moratorium) මත මෙම මුදල එකතු කර තිබෙන බවයි. කෙසේ වෙතත් ලබාදී තිබෙන සහන කාලය පදනම් කරගනිමින් සාමාන්‍ය පරිදි විදුලි බිල ගෙවමින් සිටින බවද සභාපතිවරයා පැවසුවේ.

Leave a Reply

Your email address will not be published.