ලංකාවට සහාය දෙනවාද නැද්ද? ඉන්දියාව ඒකමතික තීන්දුවකට!
ශ්‍රී ලංකාවට සහය දීමට අද පැවති ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී උපදේශක කමිටුවකදී ඒකමතිකව තීරණය වී තිබෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශංකර්ගේ ප්‍රධානත්වයෙනුයි එම කමිටු රැස්වීම අද පැවැත්වුණේ.
වත්මන් දුෂ්කර වාතාවරණය යටතේ ශ්‍රී ලංකාවට සහාය ලබා දිය හැකි ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කල බව ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම සාකච්ඡාවට ඉන්දීය පාලක පක්ෂය මෙන්ම විපක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් සහභාගී වීම විශේෂත්වයක්.