ලංකාවට ඩොලර් ගේන අපේ විරුවෝ!
මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදාවේ රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් කණ්ඩායම් තුනක් යටතේ නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත මාලි රාජ්‍ය බලා යන ශ්‍රී ලංකා යුද හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්විමට නියමිතය. එහි 1 වැනි කණ්ඩායම ඊයේ (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව යන ලදී.
ඒ අනුව, යුද හමුදාපතිතුමාගේ සුබපැතුම් මධ්‍යයේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 90 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියහ. රට තුළ උද්ගතව පවතින ආර්ථික උද්ධමනයට විසඳුම් සොයන මොහොතක තමන් දිනාදුන් දේශය වෙනුවෙන් හැකි උපරිමයෙන් සේවය කිරීමට කැපවී සිටින වීරෝධාර රණවිරුවන්ගේ මෙම ප්රයත්නය වනුයේ ඒ වෙනුවෙන් යම් තරමකින් හෝ තම දායකත්වය ලබාදීමයි.
