රොෂාන් රණසිංහ අලුත් ‌ස්ථාවරයක?

ප්‍රචණ්ඩත්වයට එරෙහිව විධායක ජනාධිපතිවරයාට සහ ආරක්ෂක අමාත්‍යවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලය භාවිත කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඉල්ලයි.

ආණ්ඩුවට එරෙහිව පවතින ජනතා විරෝධතා හමුවේ තමාගේ නිවසට ද සිදුව ඇති හානිය සම්බන්ධයෙන් අද (අප්‍රේල් 5) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

මෙම උද්ඝෝෂණ තුළ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට කටයුතු කරන්නේ ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයින් මෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම ඇතැම් සාමාජිකයින් විය හැකි යැයි ඔහු එහිදී පැවසීය.

එවැනි අවස්ථාවලදී පොලිස්පතිවරයා ද හරිහැටි කටයුතු නොකර “ඩබල් ගේම් ගහනවා” යැයි ඔහු චෝදනා කළේ ය.

එබැවින් පොලිස්පතිවරයා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඔහු සඳහන් කළේ ය.

පවතින තත්ත්වය අනුව තමා ආණ්ඩුවෙන් ඉවත්වන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් දැන් ම දැනුම් නොදෙන බව ත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බව ත් ඔහු එහිදී වැඩිදුරට ත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.