“රුසියාවෙන් කොළ එළියක්” තානාපති හදිසියේම ජනාධිපති හමුවෙයි!

රුසියානු තානාපති යූරි මැටේරි (Yury Materiy) මහතා අද (27) දහවල් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ බවට වාර්තා වනවා.

තේ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළෙඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපතිතුමා සහ රුසියානු තානාපති යූරි මැටේරි මහතා අතර සාකච්ඡාවට ලක් වී ඇති අතර මෙරට පවතින බලශක්ති අර්බුධය විසදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්චා වූ බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකික දූත පිරිසක් මේ වනවිට රුසියාවේ සංචාරයකද නිරතවන අතර එහිදී මෙරට බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සුභදායි පිළිතුරක් රුසියාවෙන් ලැබෙනු අති බවටද මෙහිදී තානාපතිවරයා අදහස් දක්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.