රිය අනතුරට ලක් වූ ජැක්සන්ගේ අලුත් ම තත්ත්වය!

රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු කළ සැත්කමකින් අනතුරුව අද (ජූනි 3) අලුයම ජාතික රෝහල වෙත රැගෙන ආ බව ය.

අද දිනයේදී සැත්කමක් සිදු කළ බව ත් හෙට දිනයේදී ඔහුට තව ත් සැත්කමක් සිදු කිරීමට නියමිත බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

අනතුරින් තුවාල ලැබූ අනෙක් දෙදෙනා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේ ය.

ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර් රථය ඊයේ (ජූනි 2) දින අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් අනතුරකට ලක් වී තිබිණි.

තලාව පොලිසිය සඳහන් කළේ, අනතුරින් තුවාල ලැබූ ඔහු ඇතුළු පිරිස ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව ය.

ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද අනතුරින් දැඩි හානි සිදුව ඇත.

මොරගොඩ ප්‍රදේශවාසීන් හා තලාව පොලිසියේ නිලධාරීන්ගේ එක්ව තුවාල ලැබූ එම පිරිස රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published.