රඹුක්කන සිද්ධියට මැදිවූ තෙල් බවුසරයේ රියදුරා දුන් සාක්ෂිය!

රඹුක්කනදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊට මැදිවූ ඉන්ධන බවුසර් රථවල රියදුරෙක් සහ සහායකයෙක් අද (21) මාධ්‍යට අනාවරණයක් සිදු කළේය.

ඔවුන් සඳහන් කළේ පිරිසක් පැමිණ සිය බවුසර් රථය ඉදිරියට ධාවනය කරන්නැයි බලකළ බවය. 

බවුසර් රථයේ සහකරු,

“තෙල් ලෝඩ් එක පටවගෙන සංස්ථාවෙන් පිටවුණේ උදේ 10.30ට. 12.30 හෝ 1ට විතර තමයි අපි සමූපකාරය ඉස්සරහා රඹුක්කන ඉන්ධනහලට ගියේ. ඒ යනකොට අපිට කලින් ගිය බවුසරය ඈත තියෙනවා අපි දැක්කා. ඒත් එක්කම අපිට ඉස්සරහට යන්න සිද්ධ වුණා. පිරිස ඇවිත් අපිව ඉදිරියට රැගෙන ගියා.”

“අපිට කිසිම හානියක් කළේ කෑ.. කන්න දුන්නා..බොන්න දුන්නා. පොලීසිය සෑහෙන්න උත්සාහයක් ගත්තා බවුසර් දෙකම අයින් කරන්න. බැරිම තැන තමයි පොලීසිය කඳුළු ගෑස් ගැහුවේ.” 

බවුසර් රථයේ රියදුරු,

“මම රියදුරු අසුනේ සිටියදී මිනිස්සු රෝද හතරෙම හුලං ඇරියා. ඒ නිසා පොලීසිය මට බවුසරය ඉදිරියට ගන්න කිව්වට ගන්න බැරි වුණා.”

උද්ඝෝෂකයන්ගේ පහරදීම් නිසා ඉන්ධන බවුසර් රථ දෙකට ද දැඩි හානි සිදුවිය.

උද්ඝෝෂණය අතරතුරදී පුද්ගලයෙකු විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සහා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මාධ්‍යට නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් පසුගිය 19 වනදා ඇතිවූ මෙම සිද්ධිය පාලනය කිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩතැබීමෙන් පුද්ගලයකු මියගියේය.

මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන හෙට (22) දිනයේදී ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස්පතිවරයාගේ ඉල්ලීම මත යුද හමුදාව කැඳවීමට නියමිතව තිබේ.

උද්ඝෝෂණය අතරතුර පොලිස් නිලධාරීන් 20ක් හා සිවිල් වැසියන් 13දෙනෙකු තුවාල ලැබීය.

Leave a Reply

Your email address will not be published.