“රටේ සියලු ප්‍රශ්න විසඳනවා” ගෝඨාගෝගමට කරන වැඩෙත් රනිල් කියයි! [VIDEO]

ගෝඨාගෝගම විරෝධතා තවදුරට ත් පවත්වාගෙන යාමට ඉඩ දෙන බව නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරගලකරුවන්ට අත තැබීමට පොලිසියට ඉඩ නොදෙන බව ද ඔහු සඳහන් කළේ ය.

අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු වාලුකාරාම විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව පැවසීය.

පාර්ලිමේන්තුව තුළ තමන්ට බහුතරයක් ඇති බව තහවුරු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

මාධ්‍යවේදියා: අගමැතිතුමා අරගලයට මොකද වෙන්නේ?

රනිල් වික්‍රමසිංහ: අරගලය ගෙන යනවා. ගෝඨාගෝගමට අත ගහන්නේ නෑ. ඒක ගෙන යන්න ඕනේ. පොලිසිය ත් කරන්නේ නැහැ මුකුත්.

පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහයෙන් සියලු ප්‍රශ්න විසඳන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.