“යුද ජයග්‍රහණයට වසර 13 යි” රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර!

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් මුළුමහත් රට එක්සේසත් කර රණවිරුවන් අත්කර ගත් යුද ජයග්‍රහණයට අදට වසර 13 ක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා. 

ඒ, දරුණුතම යුද ගැටුම් පැවැති අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්. පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා. 

අද නිදහස් චතුරශ්‍රයේදී මේ සම්බන්ධයෙන් සැමරුමක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published.