යුක්රේනයේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර!
රුසියානු හමුදාව විසින් යුක්රේනයේ රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 34කට ප්‍රහාර එල්ල කර තිබේ.
රෝහල් ඉලක්ක කර සිදු කරන ප්‍රහාර යුද නීති උල්ලංඝණය කිරීමක් වන බැවින් ප්‍රහාර නවත්වන්නැයි, යුරෝපා සංගමය රුසියාවෙන් යළි ඉල්ලීමක් කර ඇතැයි විදෙසේ මාධ්‍ය වාර්තා කරයි.
බොහෝ අවස්ථාවල රුසියානු හමුදාව යුක්රේනයේ සිවිල් වැසියන් වෙසෙන ගොඩනැගිලිවලට ප්‍රහාර එල්ල කර ඇත.
එම ප්‍රහාරවලින් ළමුන් හා කාන්තාවන් විශාල පිරිසක් මියගිය බවට ද යුරෝපා සංගමය රුසියාවට චෝදනා කරයි. යුක්රේනයේ කියෙව් නගරයේ ප්‍රදේශ කිහිපයක තවමත් ගැටුම් පවති.
ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ කියෙව් නගරය සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීමයි. ඒ පිළිබඳ අමෙරිකානු බුද්ධි අංශ හෙළි කර ඇත.