මෛත්‍රීපාල සිරිසේන නිල නිවසින් ඉවත් වෙයි?

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අලුත් අවුරුද්දෙන් පසුව කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසෙන් ඉවත්ව යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාට මහගමසේකර මාවතේ නිල නිවස භාවිත කිරීම වාරණය කරමින් ,ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා අතුරු තහනම් නියෝගයක් පැනවූ අතර, ඊට ගරු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ සිය නිල නිවසෙන් ඉවත් වන බව වාර්තා වේ.

ඔහුට රජයෙන් හිමිවිය යුතු නිල නිවසක් මෙතෙක් ලැබී නැති අතර,ඔහු මහගමසේකර මාවතේ නිල නිවසින් ඉවත්ව යන්නේ කොතනටද යන්න තවමත් නිශ්චිත නැති බවද දැනගන්නට ඇත.

මේ අතර ,මෛත්‍රිපාල සිරිසේන මහතාට හිටපු ජනාධිපතිවරයා වශයෙන් ව්‍යවස්ථානුකූලව හිමි යුතු නිල නිවසක් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රජයේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.