“මේ අරගලය දේශපාලනිකයි” අපි මේ අරගලයේ නායකත්වය ගන්නවා!
ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව නිර්දේශපාලනික විරෝධතාවන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම විරෝධතාවයන් දේශපාලනිකව බවත් එයට තම පක්ෂයේ නායකත්වය දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
නිර්පාක්ෂික අරගල නොමැති බවත් ප්රශ්නය දේශපාලනික නම් පිළිතුර ද දේශපාලනික බවත් පැවසූ ඔහු මෙම අරගලයට දේශපාලන නායකත්වය ලබා දෙන්නට තම පක්ෂය සුදානම් බවද පැවසීය.
සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.