මෙරට ආයෝජන කිරීමට ඩයස්පෝරාව බැහැ කියයි – කොන්දේසි මෙන්න!

13 වැනි සංශෝධනය මත මෙරට විදේශ ආයෝජන සිදු කිරීම බි‍්‍රතාන්‍යය ඩයස්පෝරාව ප‍්‍රතික්ෂේප කර තිබේ

රජය ස්වයංපාලනයකට එකඟ විය යුතු බව ඩයස්පෝරා බලධාරීන් ප‍්‍රකාශ කර ඇති අතර බි‍්‍රතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාවේ ඩයස්පෝරා සංවිධාන 10 ක් මෙරට ආයෝජන සිදුකිරීම ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම ඩයස්පෝරා සංවිධාන දක්වා ඇත්තේ රජය දෙමළ සමූල ඝාතනය පිළි ගැනීම සහ උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඇති ප‍්‍රදේශ ලෙස පිළිගත යුතු බවයි.

මේ අතර බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ආරංචි මාර්ග පැවසුවේ ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් මහතාට ඩයස්පෝරාවේ කටයුතු ගැන තීරණයක් ගැනීමට බලයක් පවරා නැති බවයි.

Leave a Reply

Your email address will not be published.