මෙච්චර ඩීසල් බොන්නද ? පොහොට්ටු මන්ත්‍රීගේ ගෙදර හොර ඩීසල් ගබඩාවක්!

පුත්තලම නගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි මොහාන් දුමින්ද නැමති මන්ත්‍රිවරයා අද (3දා) පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අදාල මන්ත්‍රිවරයාගේ නිවසේ ඩිසල් ලීටර් 212ක් ගබඩා කර ගනිමින් වැඩි මිලට අලෙවි කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියේ දුෂණ මර්ධන අංශයට ලැබුන තොරතුරක් මත අදාල වැටලීම සිදුකර තිබුනී.වැටලිමේදි රුපියල් ලක්ෂයටක ආසන්න වටිනාකමකින් යුත් ඩිසල් තොගයක් හා පෙට්‍රල් ලීටර් කිපයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා ඩිසල් ලබා ගත් ආකාරය පොලිසියට පැහැදිලිව ප්‍රකාශ කර නොමැති බවත් අදාල ඩිසල් තොගය බැරල්යක් තුළ ගබඩා කර තිබු බවත් ඒවා වැඩි මිලට විකිණිමේ නිරතව ඇති බවත් පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ මන්ත්‍රිවරයාට ඩිසල් ලැබුන ආකාරය පිළිබදව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published.