“මුල් මාස 03ට ආදායම ඩොලර් මිලියන 462ක්” මාසෙට සංචාරක පැමිණීම ලක්ෂය පන්නයි!

සංචාරක ක්‍ෂේත්‍රයෙන් මෙම වසරේ මුල් මාස තුන තුළ අමෙරිකානු ඩොලර් මිලියන 462 ක ආදායමක් හිමි වූ බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් හෙට්ටිආරච්චි සදහන් කළේ මෙම වසරේ සංචාරක ක්‍ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ආදායමක් අපේක්‍ෂා කරන බවයි.

මෙරට බලශක්ති අර්බුදයට විසදුම් ලැබෙන්නේ නම් අපේක්‍ෂිත ආදායම වෙත ළගාවීම පහසු වන බවයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර කොවිඩු වසංගතයෙන් වසර 02කට පසු මෙරට මාසික සංචාරකයින් පැමිණීම ඉකුත් 29වනදා ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා.

Leave a Reply

Your email address will not be published.