“මිල ගණන් ප්‍රශ්නයක් නෑ” මිත්‍ර රටවලට තෙල් දීමට රුසියාව සූදානම්!

ඕනෑම මිල පරාසයක් යටතේ මිත්‍රශීලී රටවලට රුසියානු බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීමට රුසියාව සූදානම් බව එරට බලශක්ති අමාත්‍ය නිකොලායි ෂොල්ගිනොව් පවසයි.

රුසියානු මාධ්‍ය ආයතනයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බලශක්ති අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.

“මෑතකාලයේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 සිට 120 දක්වා මිල පරාසයන් තුළ විටින් විට ඉහළ පහළ යන ආකාරය අප දුටුවා. නමුත් අපගේ කාර්යය වන්නේ තෙල් සඳහා කොපමණ වියදමක් දැරීමට සිදුවේද යන්න අනුමාන කිරීම නොවෙයි, අපේ කාර්යය වන්නේ තෙල් කර්මාන්තයේ ක්‍රියාකාරිත්වය සහතික කිරීමයි. අපි බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන විකිණීමට සූදානම්. එය ඕනෑම මිල පරාසයක් යටතේ අපගේ මිත්‍ර රටවලට ලබාදීමට අප සැදී පැහැදී සිටිනවා.” අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.