මිරිහාන බස් ගින්නේ සැකකරු අල්ලයි!

මිරිහානේදී ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අතරතුර බස් රථයකට ගිනිතැබූ සැකකරුවෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් මාර්තු 31 වනදා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයේදී පැවති විරෝධතාවයක් අතරතුර එම ප්‍රචණ්ඩකාරී සිද්ධිය ඇතිවී තිබුණි.
 
අදාළ සැකකරුව අද (19) දින අත්අඩංගුවට ගෙන තිබුණේ දැරණියගල ප්‍රදේශයේදීය.

පොලීසිය සඳහන් කළේ 42 හැවිරිදි සැකකරු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ පුද්ගලික මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවය. 

අපරාධ චෝදනා යටතේ සැකකරුව හෙට (20) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලීසිය සඳහන් කළේ මහජන සහාය ඉල්ලමින්  මාධ්‍යට නිකුත් කළ වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවය.

Leave a Reply

Your email address will not be published.