මිරිහානේ සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂ කණ්ඩායම් 03ක්!

ඊයේ (31) රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධියේ විමර්ශන කටයුතු විශේෂ කණ්ඩායම් 03ක් වෙත භාරදී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අජිත් රෝහණ මහතා කියා සිටියේ උද්ඝෝෂණය ආරම්භ කළ මොහොතේ සිට පැය හතරහමාරක් යනතුරු ශ්‍රී ලංකා පොලිසිය රටේ ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරමින් ජනතාවගේ අයිතීන් සුරකින්නට කටයුතු කළ බවයි. 

මෙම සිදුවීමෙන් පොලිස් බස් රථ 3කට අලාභ හානි සිදු වී ඇති අතර, යුද හමුදාවට අයත් බස් රථයක්, ත්‍රී රෝද රථයක්, යතුරු පැදි 2ක් සහ පොලිසියට අයත් ජීප් රථයකටත් අලාභ හානි කර ඇති බවද ඒ මහතා පැවසීය. 

Leave a Reply

Your email address will not be published.