මිරිහානේ සිද්ධියට 45ක් අත්අඩංගුවට..! නුගේගොඩ – මහරගම මාර්ගය වැසෙයි!

නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණි, ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතර තුර බස් රථ සහ වහාන රැසකට ගිනි තිබූ බව කියන පුද්ගලයන් 45 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර එක් කාන්තාවක ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

ඊයේ (31) රාත්‍රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතරතුර පොලිස් බසයකට,යුද හමුදා බසයකට,ජීප් රථයකට, ත්‍රිරෝද රථ කීපයකට හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබිණි.

මේ වනවිට නුගේගොඩ – මහරගම මාර්ගයේ ඇඹුල්දෙණිය හන්දියෙන් මාර්ගය වසා දමා ඇති අතර ඉන් ඇතුළු විය හැක්කේ පාසල් වැන් රථවලට පමණකැයි ද පොලිසිය කියයි.

මෙම ගැටුමින් දස දෙනකු පමණ තුවාල ලබා තිබුණි. තුවාල ලැබූවන් අතර පොලිසියේ පස් දෙනකු ද සිටින බවත් ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ප්‍රකාශකයෙක් පවසයි.

Leave a Reply

Your email address will not be published.