මිනිය වළලද්දී සොහොනට අකුණක් ගහලා – 25ක් රෝහලට!

මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල උත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසකට ඊයේ (26) සවස අකුණු සැර වැදීමෙන් 25 දෙනකුට ආසන්න පිරිසක් මාවනැල්ල රෝහලට ඇතුළත් කළ බව මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි පවසයි.

මියගිය කාන්තවකගේ  භූමිදාන කටයුතු අවසන් කිරීමට මොහොතකර පෙර ඒ අසල වූ පොල්ගසකට එම අකුණු පාත්වී ඇති අතර ඒ අවස්ථාවේ කැරකොප්පුවේ සිටි සියලු දෙනා තැන තැන ඇද වැටුණු බව සිද්ධිය දුටුවෝ පවසති.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් ද වන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.