මැයි දින සටනේ ජය වෙනුවෙන් සජිත් අනුර හැප්පෙයි!
මෙවර මැයි දිනය නිමිත්තෙන් මැයි රැලි නොපැවැත්වීමට පාලක පොදු ජජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීන්දු කොට ඇත.
මීට පෙර පොහොට්ටුව තීන්දු කර තිබුණේ ගෝල්ෆේස් පිටියේ මැයි රැලිිය පැවැත්වීමටය.
කෙසේවෙතත් සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී මැයි රැලි පැවැත්වීමට මේ වනවිට සියල්ල සංවිධානය කොට තිබේ.
ඒ අනුව මෙවර කොළඹ මැයි රැලි සටන පැවැත්වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර දිසානායක යන මහත්වරුන් අතර වීම විශේෂ සිදුවීමකි.