මන්ත්‍රීලාට අඩුවට තෙල් දෙනවද? ඇමතිගෙන් නිවේදනයක්!

ඊයේ දිනයේ සිරස පුවත් විකාශය තුල නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පොම්පයේ සඳහන් මිල ගණන් සම්බන්ධයෙන් පළවූ පුවතක් අලලා සමාජ ජාල ඔස්සේ දැඩි විවේචන එල්ල එල්ල වෙමින් පවතිනවා.

එහිදී විවේචන එල්ල වන්නේ මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන නිකුත් කරන බවටයි. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ අදාළ පුවත අසත්‍ය බවයි. කිසිවිටෙකත් මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා නොදෙන බවත් අදාළ ඉන්ධන පොම්පයේ මිල ගණන් සම්බන්දයෙන් ඛනිජ තෙල් සංස්ථාවට පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස නියෝක කොට ඇති බවත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටත් ඔහු කියා සිටිනවා.

අමාත්‍යවරයා නිකුත්කළ ට්විටර් පණිවුඩය පහතින්…

Leave a Reply

Your email address will not be published.