“මගේ ගේත් ගිනිතිබ්බා” අනුර කුමාරගෙන් හෙළිදරව්වක්!

1988දී තමන්ගේ නිවසත් ගිනිතැබූ බවත් එහි වේදනාව තමන්ද හොඳින් හඳුනන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ 9 වනදා ප්‍රචණ්ඩකාරී ක්‍රීයා සැලසුම් කළ බවට සිය පක්ෂයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

නිවාස ගිනිතැබීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට පත්වී නොමැති බවද අනුර කුමාර මහතා පැවසීය.

“මෙය අප විසින් සැලසුම් කොට දියත් කරන ලද ප්‍රහාරයක් කියලා පූර්ව නිගමනයක ඉන්නවා. අපි පැහැදිලිව කිව්වා එක නමක් හරි කියන්න කියලා.”

“අපව ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය දියත් කෙරෙන බව අපි දන්නවා.”

“ඒ නිසා මගේ කතාවට බාධා නොකර අවස්ථාව දෙන්න.”

“රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අපි ඇති තරම් බැට කාපු සංවිධානයක්.”

“පසුගිය සෑම මැතිවරණයකදීම වගේ අපේ සහෝදරයින් ඝාතනය වුණා..අපි ගල් කැටයක් අතින් ගත්තේ නෑ.”

“අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටිය අය.”

“ස්වාධීන පරීක්ෂණයක් කරන්න. ඕනෑම පරීක්ෂණයකට අපි ලෑස්තියි.”

“1988දී මගේ ගේත් ගිනිතිබ්බා. මතක තියා ගන්න. ඒ වේදනාව අපිත් දන්නවා හරිද.”

“මැර කණ්ඩායම් පහර දෙනකොට බලං ඉන්න අපි සූදානම් නැහැ. ඒ මැර කණ්ඩායම්වලට විරුද්ධව අපි ගියා. “

“වටවෙලා තරුණියකට පොලුවලින් පහරදෙනකොට හිතක් පපුවත් තියෙන කෙනෙකුට බලං ඉන්න පුලුවන් ද?”

“පස් කපලා, ගස් කපලා බිල්ඩින් හදාගත්තු මිනිස්සු.”

Leave a Reply

Your email address will not be published.