මං පරිණත කෙනෙක්: මාව රවට්ටන්න බෑ!

තමන්ට අගමැති ධූරය බාරගන්න ආරාධනා කොට එම කණ්ඩායම බලාපොරොත්තු වුනේ දින කිහිපයකින් පසු විශ්වාසභංගයක් ගෙන විත් තම දේශපාලන ජීවිතය අවසන් කර දැමීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් මේ බව තේරුම් නොගැනීමට තරම් දේශපාලනය අපරිණත අයෙකු නොවන බවත් එවන් ලොසිංජර වලට තමන් නොරැුවයෙන බවත් ඒ මහතා කීය.

ආණ්ඩුවට වැඩක් කරන්නට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කොට ඇති බවත් එවන් ආණ්ඩුවෙන් තමා ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසට බවත් ඔහු සදහන් කලේය.

පුරවැසියන් විසින් දියත් කළ අරගලය හේතුවෙන් හිටපු මුදල් ඇමති, හිටපු අගමැති සහ හිටපු ජනාධිපති පිළිවෙලින් ගෙදර ගිය බවත් ඒ වෙනුවට උපක්‍රමශීලීව පොහොට්ටුවේ නායකයන් විසින් තමන්ට හිතවත් වර්තමාන ජනාධිපතිවරයා පත්කර සිටින බවද විපක්ෂනායකවරයා තව දුරටත් කියා සිටියේය.

සමගි ජන බලවේගය විසින් පැවැත්වූ ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *