භානුක වෙනුවෙන් “පන්ජාබ් රජුන්” තැබූ ෆේස්බුක් සටහන!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (27) පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදවා කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 205ක් රැස් කළේය.

එහිදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් නායක Faf du Plessis ලකුණු 88ක් රැස් කළ අතර විරාත් කෝලි ලකුණු 41 රැස් කළේය.

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං සහ රාහුල් චහාර් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ඒ අනුව, පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19 තුළ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 208ක් රැස්කළ ඔවුන් සහභාගී වු පළමු තරගය ජය ගැනීමට සමත් විය.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ ශිකර් ධවාන් ලකුණු 43 බැගින් රැස්කළහ.

පන්දු යැවීමේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් දවාගත් අතර වනිඳු හසරංග, ආකාෂ් දීප් සහ හර්ෂල් පටෙල් කඩුලු එක බැගින් දවාගත්හ.

මේ අතර වේගවත් පිතිහරභයක නිතරවූ භානුක රාජපක්ෂ වෙනුවෙන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නිල ෆේස්බුක් ගිණුමෙහි “Niyamai Bhanuka!” යනුවෙන් සටහනක් තබා තිබුණි.

Leave a Reply

Your email address will not be published.