බොලිවුඩයේ තවත් සුපිරි විවාහ මංගල උත්සවයක්!

ඉන්දීය සුපිරි නළු රන්බීර් කපූර් සහ ජනප්‍රිය නිලි ආලියා බාට්ගේ විවාහ මංගලෝත්සවය පසුගිය 14 වැනිදා  මුම්බාහියිදී සිදු කෙරිණ. 

බොලිවුඩ් සිනමාවේ දැවැන්තම විවාහයක් ලෙස පැවති මෙයට එරට නළු නිලියන් රැසක් සහභාගී වූ බව ඉන්දීය මාධ්‍ය සදහන් කරයි. මේ වන විට සියලු සමාජ මාධ්‍යවල ප්‍රමුඛ පුවත බවට මෙය පත්ව තිබේ. බොලිවුඩ් රංගන ශිල්පීන්, ලොව සෙසු රංගන ශිල්පීන් සහ මිලියන සංඛ්‍යාත රසිකයන් රන්බීර් – ආලියා යුවලට සුබපැතුම් පණිවුඩ පළ කරමින් සිටියි. රන්බීර් කපූර්, විශිෂ්ට ඉන්දීය නළු රිෂී කපූර්ගේ පුත්‍රයාය.

ආලියා බාට් ද බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂ මහේෂ් බාට්ගේ දියණිය වේ.  ආලියා සහ රන්බීර්ගේ ආදර සබඳතාව ආරම්භ වී තිබුනේ අයන් මුකර්ජි විසින් අධ්‍යක්ෂණය කරන ලද ඔවුන්ගේ ඉදිරියට තිරගත වීමට නියමිත ‘බ්‍රහ්මස්ත්‍රා’ චිත්‍රපටයේ රූගත කිරීම්වලදී ය.

ඔවුන් දෙදෙනා 2018 වසරේ සෝනම් කපූර්ගේ විවාහ මංගල්‍ය උත්සවයේදී යුවළක් ලෙස පළමු වරට පෙනී සිටියහ. කපූර් පවුලේ සාමාජිකයන් ඇතුළු බොලිවුඩයේ තරු ඇතුළු ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *