බොරැල්ලේදී පොලීසියට පාට් දැමූ ’චන්ඩි කෙල්ල’ අත්අඩංගුවට!

බොරැල්ල පොලිස් වසමේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් තරුණියක ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොල්ලුපිටියේ පිහිටි හෝටලයකදී සැකකරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ත් ඔවුන් අතර තරුණියන් දෙදෙනෙකු සහ තරුණයින් දෙදෙනෙකු සිටින බව ය.

අත්අඩංගුවට ගන්නා විට තරුණිය මත්පැන් පානය කර සිට ඇති බවට ත් එම අවස්ථාවේදී අනෙක් තරුණිය සන්තකයේ කුෂ් නමැති මත්ද්‍රව්‍ය තිබූ බවට ත් අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, රාජ්‍ය සේවකයෙකුට සාපරාධී බලහත්කාරය පෑම, තර්ජනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකකරුවන් අද දින මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එහි පැදිකරුගේ රියැදුරු බලපත්‍රය ලබා ගැනීමත් සමග අදාළ තරුණිය පොලිස් නිලධාරියෙකුට බැන වදිමින් කලහකාරීව හැසිරී තිබිණි.

අනතුරුව පොලිස් නිලධාරියාට බැන වදිමින් තර්ජනය කර තිබුණු තරුණිය සහ එහි පැමිණි තරුණයා රියැදුරු බලපත්‍රය යළි ත් ලබාගෙන එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබිණි.

Leave a Reply

Your email address will not be published.