“බැසිල් ගෙනා Credit Line තෙල් ඉවරයි” රනිල්ගේ පැය 48 ඩොලර් කෝ???

මේ වනවිට රට තුල දැඩි ඉන්ධන හිඟයක් පවතින බව නොරහසක්. මෙතෙක් ඉන්දියානු ණය සහන මත මෙරටට ලැබුණු අවසාන ඉන්ධන නෞකාවද මෙරටට පැමිණ ඇති අතර ඉන් අනතුරුව ඉන්ධන ලැබීම් සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත භාවයක් පැනනැගී ඇත.

ඉන්දියාවෙන් ලැබීමට නියමිත බවට සාකච්චා වෙමින් පැවති මීළඟ ණය සහනය සම්බන්ධයෙන්ද දැඩි මතබෙධාත්මක තත්වයක් ඇතිව තිබෙන්නේ විදුලිබල මණ්ඩල සභාපතිවරයා කල ප්‍රකාශයක්ද හේතුවෙන්.

කෙසේ වෙතත් ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමටවත් අවශ්‍ය ඩොලර් සංචිත මේ වනවිට නොමැති පසුබිමක පැය 48න් ප්‍රශ්න විසඳන බවට සහ ඩොලර් ගෙනෙන බවට වජිර අබේවර්ධන මහතා පවා පම්පෝරි ගැසූ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් මේ වනවිට අවශ්‍ය ඩොලර් තවමත් රටට නොලැබීම කණගාටුවට කරුණක්.

අරගලකරුවන්ගේ මෙන්ම ජනතාවගේද දැඩි විවේචන එල්ල වූ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය රජය සමඟ සාකච්චා කල Credit Line පහසුකම මේ වනවිට අවසන්ව ඇති අතර ඉන් අනතුරුව ලබා ගැනීමට සාකච්චා අවසන් කොට තිබු චීන Credit Line පහසුකමද මේ වනවිට ලබා නොදෙන බවට චීනය දැනුම්දී ඇති බවටද වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්වීම සමඟ රටට ලැබුන ණය සහනද අවසන් වී ඇති අතර රටට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබා ගැනීමට සහ ජනතාව පෝලිම්වල කට්ට කෑම නැවත්වීමට බලධාරීන් කඩිනමින් ක්‍රියා කල යුතුය.   

Leave a Reply

Your email address will not be published.