බලශක්ති අමාත්‍යංශයෙන් සුබ ආරංචියක්!
ඉදිරි දින තුනක කාලය තුළ ඩීසල් හා පෙට්‍රල් තොග රැගත් නෞකා මෙරටට ළඟා වීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් ඔක්ටේන් 92 සහ 95 මෙන් ම බොරතෙල් තොග ද ප්‍රමාණවත් පරිදි මෙරටට ලැබෙන බව එම අමාත්‍යංශය පැවසීය.
එම අමාත්‍යංශය සඳහන් කළේ, එමගින් දැනට පවතින ඉන්ධන පෝලිම් ක්‍රමයෙන් නිමාවනු ඇති බවට විශ්වාසය පළ කරන බව ය.
ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් සිදු කිරීම වෙනුවන් පැය 24ක් පුරා එම ක්‍රියාවලිය සිදු කිරීමට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලිසිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරට ත් පැවසීය.