බංගලාදේශයෙන් ඩොලර් මිලියන 2.3ක ඖෂධ ශ්‍රී ලංකාවට!
අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බව බංගලාදේශය තහවුරු කර කර තිබේ.
මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830ක් පමණ වෙයි.
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ එම ඖෂධ තොගය ඩකා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාට අද දින නිළ වශයෙන් භාරදීමට නියමිත බවය.